
ලබන මාසයේ (ජූලි) සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 20 සිට රුපියල් 40 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය චෝදනා කරන්නේ ලොතරැයි අලෙවි නියෝජිතයින් සඳහා වෙන් කර ඇති කොමිස් මුදල වැඩි කිරීමට රජය මෙතෙක් එකඟතාව පළ කර නොමැති බවයි. එම සංගමයේ ලේකම් බී.එස්.එස් මාරසිංහ මහතා අවධාරණය කළේ අදාළ කොමිස් මුදල වැඩි කිරීමට රජය කටයුතු නොකළහොත් 2023 ජූලි 7 වැනිදා සිට ලොතරැයි අලෙවි නියෝජිතයින් සිය රාජකාරිවලින් ඉවත් වන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval