nawam-rd-50-people

ආන්දෝලනයට ලක්වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු ආයතනයක් පවත්වාගෙන ගිය බව කියන කොළඹ නවම් මාවතේ පිහිටි මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වු පිරිසක් එහි මහල් කිහිපයක තිබූ දේපොළවලට හානි සිදුකළ බව පැවසේ.
 ඊයේ රාත්‍රි 10.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පුද්ගයින් 50 දෙනෙකු පමණ බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණි.



ගොඩනැගිල්ලේ හිමිකරුවන් පැවසුවේ එම ගොඩනැගිල්ලේ දෙක, හය සහ හත යන මහල්වල තිබූ දේපොළවලට
එම පිරිස හානි සිදුකර තිබු බවයි.ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් ස්ථානය තිබූ අතර අනෙක් තැනක සයිප්‍රස් කොන්සියුලර් කාර්යාලයද තිබුණි.
ඔවුන් ඒ ඇතුලේ සිට මත්පැන් බී ඇති අයුරු හා ක්ෂණික කෑම වර්ග ආහාරයට ගෙන ඇති අයුරුද ඉතිරි කර ගිය කසළ අනුව හදුනාගන්නට ලැබී ඇත.
ප්‍රහාරයට අදාළව නිශ්චිත හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ගොඩනැගිල්ල සම්බන්ධයෙන්
පවතින මුල්‍ය ගැටලුවකට අදාළව පෞද්ගලික මුල්‍ය ආයතනයක් සමඟ නඩුවක් නිසා ගැටලුවක් පැවති බවටද සාක්ෂි ලැබී ඇත.
සිද්ධියට අදාළව සැකකරුවන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර විමර්ශන සිදුවේ.