nanu-oya-train-accident

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක ගැටීමෙන් රදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර දී විදුහල්පතිවරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
අනතුරෙන් මියගොස් ඇත්තේ නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා වන 52 හැවිරිදි පුද්ගලයෙකි.
පාසල් නිවාඩුවෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා පාසල විවෘත කිරීම පෙර පාසලේ ශ්‍රමදානයක් පවත්වා විදුහල්පතිවරයා තමන් පදිංචි නානුඔය කල්කාන්ති වත්තට සුපුරුදු පරිදි දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී ඊයේ (11) පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදුවිය.


අනතුර දුම්රිය රියදුරන් දැක නොමැති අතර ඔවුන් දුම්රිය නොනවත්වා ඉදිරියට ධාවනය කර තිබෙයි.
පසුව දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදුවීම දැක ඒ සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව දුම්රිය ස්ථාන නිලධාරින් සහ පොලිසිය එක්ව විදුහල්පතිවරයාගේ සිරුර නානුඔය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.

මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.