
හොරණ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරුන්ගේ විවේකාගාරය තුළ තිබූ ගුරුවරියකගේ අත්බෑගය කිසියම් පුද්ගලයෙකු සොරාගෙන තිබෙන අතර එහි රුපියල් 120000ක පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකතනයක් සහ රුපියල් 7000ක් පමණ වටිනා දුරකථනයක්ද රුපියල් 6000ක මුදලක්ද තිබී ඇති බව වාර්තා විය.
ගුරුවරිය මේ සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙයි.
ඊයේ (11) ළමුන්ගේ දෙමාපියන් කැඳවා පාසලේ පිරිසිඳු කිරීමේ කටයුත්තක් සිදුව ඇති අතර එම කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගුරුවරිය 6 හා 7 ශ්‍රේණි සඳහා වෙන්කර ඇති ගුරු විවේකාගාරයේ මේසයක් මත සිය අත්බෑගය තබා පිටව ගොස් විනාඩි 50ක පමණ කාලයකින් අනතුරුව නැවත පැමිණ පැමිණ බලනවිට සොරකම සිදුව ඇති ඇය විසින් කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අතුරුදන් දුරකථන වලට ඇමතුම් ගැනීමේදී ඒවා ක්‍රියා විරහිත කර ඇති අයුරුද හදුනාගන්නට ලැබී තිබේ.
පොලිසිය මේ ගැන සොයා බලන්නට එම දිනයේ පාසලට බාහිරින් පැමිණි අය පිළිබඳ විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval