kandy-tik-tok-girl-abuse

නිරුවත් වීඩියෝ දර්ශන facebook ඇතුළු සමාජ මාධ්‍ය වෙත මුදා හරින බව පවසමින් පුද්ගලයෙකු විසින්, වයස අවුරුදු 17 ක පාසැල් ශිෂ්‍යාවකට තර්ජනය කිරීමක් සම්බන්ධව එම ශිෂ්‍යාව පසුගිය11 වන දින කටුගස්තොට පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලට සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය විසින් සිදුකල විමර්ශනයේ දී මෙම ශිෂ්‍යාව Tik Tok සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් පුද්ගලයෙකු සමඟ ඇති කරගත් හිතවත්කමක් මත ඔහු විසින් ඇයට නිරුවත්ව වීඩියෝ ඇමතුමක් ලබා ගන්නා ලෙසට  ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව එම ශිෂ්‍යාව ඉල්ලීම ඉටුකරමින් වීඩියෝ ඇමතුමක් ලබාගෙන ඇති බවත්, එම අවස්ථාවේ ඔහුගේ ජංගම දුරකථනයේ එම ඇමතුම ස්ක්‍රීන් රෙකොඩ් දමා පටිගත කර නැවත ඇය වෙත යොමුකර ඇති බවත්, පසුව නැවතත් මෙසේ ඇමතුමක් ලබාගන්නා ලෙසත්, නොඑසේ නම් එම වීඩියෝ දර්ශනය facebook සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවටත් පවසමින් තර්ජනය කර ඇති බව අනාවරණය වී ඇත.
සැකකරු මින්නේරිය යුද හමුදා කඳවුරේ සේවය කරන යුද හමුදා සෙබළෙකු බවට අනාවරණය වීමෙන් පසු පොලිසිය එම කඳවුරට කරන ලද දැනුම් දීම මත ජුනි14 වන දින එම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු කටුගස්තොට පොලිස් ස්ථානය වෙත භාරදෙන ලද අතර පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.


අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 19 ක් වන පුරුන්දම්ගම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
සැකකරුගේ හා පැමිණිලිකාරියගේ ජංගම දුරකථන විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු15 වන අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.
18 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතය. කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.