dehiwala-mount-lavinia-co-op-fraud

සී/ස දෙහිවල ගල්කිස්ස විවිධ සේවා සමූපකාර සමිතිය විසින් පවත්වාගෙන යන දෙහිවල – ගල්කිස්ස විවිධ සේවා සමූපකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත් කළ රුපියල් කෝටි 25කට අධික මුදල් වංචාවක් සිදුව ඇති බව අනාවරණය වේ.

මේ බව අනාවරණය වන්නේ තම තැන්පතු කෝටි 25කට අධික මුදල් ආපසු නොදීම සම්බන්ධයෙන් තැන්පත්කරුවන් 100කට අධික පිරිසක් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් අනුවය.



කරගම්පිටිය, අත්ත්ඩිය, ගල්කිස්ස, රත්මලාන සහ බෙලෙක්කඩේ යන ග්‍රාමීය බැංකු ශාඛාවල ස්ථාවර තැන්පත් සහ සාමාන්‍ය ගිණුම්වලින් මෙසේ මුදල් ආපසු නොදෙන බවත් මෙහිදී බස්නාහිර පළාත් හිටපු සමූපකාර සංවර්ධන කොමසාරිස්වරියට එරෙහිවද පැමිණි ලැබී ඇති බවත් පොලිසිය පවසයි.

මේ වනවිට බස්නාහිර පළාතේ විවිධ සේවා සමූපකාර සමිතිවලට සමාජික නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපති ඇතුළු සහ සභාව තෝරාගැනීමේ නිලවරණය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.