
ජපන් රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ප්‍රාථමික අංශයේ සිට ජපන් භාෂාව පාසල් විෂය මාලාවට ඇතුළු කිරීමට අවසරයක් හිමිව තිබෙයි.
විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (22) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියේය.
කැබිනට් මණ්ඩලය හරහා ඒ සඳහා විශේෂ අනුමැතියක් හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ මහතා කියා සිටියේ මේ අනුව ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව ජපන් භාෂාව දරුවන්ට ඉගැන්වීමට අදාළ කටයුතු මේ වන විට සුදානම් කරමින් පවතින බවයි.
අද වන විට ජපන් වෙළෙඳපොල ඉලක්ක කරගනිමින් 5000කින් යුත් ජපන් භාෂා පුහුණුලාභීන්ගෙන් සමන්විත සංචිතයක් ආරම්භ කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.
Comments
Post a Comment
Your comment will be visible after approval