
අද(22) පෙරවරුවේ, බොරැල්ල නගරය ආසන්නයේ බොරැල්ල හරස් පාරේ වෙඩි තැබීමක් සිදුව තිබෙන අතර මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක් වන ඩීඑස්අයි හි කළමනාකාර අධ්‍යක්ෂවරයෙකුගේ නිවසටයි. නිවසේ ලී ගේට්ටුව සිදුරු දෙකක් ඇතිවන ලෙස වෙඩි උන්ඩ වලින් හානවී ඇත.
බොරැල්ල පොලිසිය සඳහන් කළ ආකාරයට DSI කළමනාකාර අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මෙම ප්‍රහාරය සිදුකරන විට ඔහු නිවසේ සිට ඇත.
නමුත් , ඉන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදු වී නැති අතර, අදාළ වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ ටී-56 ගිනි අවියක් බවට තොරතුරු හෙළි වී ඇත.
මෙම ප්‍රහාරය කිසියම් ව්‍යාපාරික ගැටලුවක් මත හෝ පුද්ගලික කෝන්තරයකට සිද්ධ කරන ලද එකක්ද යන්න ගැන විමර්ශනය කරන අතර පොලිස් පරීක්ෂණ අරඹා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval