
ජාත්‍යන්තර පාසල් අධීක්ෂණ සහ නියාමනය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ විශේෂ ඒකකයක් පිහිටුවීමට අධ්‍යාපන කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබෙයි.
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආංශික අධීක්ෂණ කාරක සභා සාකච්ඡාවේදී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් පිළිබදවත්, එම පාසල් පද්ධතිය මගින් සිසු දරුවන්ට ලබාදෙන අධ්‍යාපන හා එහි ගුණාත්මකභාවය ඉහළ නැවීම පිළිබදවත් ඇතිවූ සාකච්ඡාවේදීය.
එසේම, ජාත්‍යන්තර පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොපවතින අනෙකුත් පාසල් නියාමනය කිරීම සදහා අවශ්‍ය නිර්නායක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතින බව මෙහිදී අනාවරණ විය.
රජයේ පාසල් වල විභාග ප්‍රමාදය,වර්ජන නිසා ඇතිවන පාඩු ආදී විවිධ හේතු මත මේ වනවිට ජාත්‍යන්තර හා පුද්ගලික පාසල් වෙත සිසුන් ඇතුළත් කිරීමට දෙමාපියන් ප්‍රවණතාවයක් යොමු කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval