
කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණය නිවාස ඒකකයක් ලබා දෙන බවට පවසා ඇමරිකානු ඩොලර් 300,678/-ක් ලබා ගෙන නිවාස ලබා නොදී සාපරාධි විශ්වාසය කඩකිරීමක් සම්බන්ධව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සිද්ධිය සම්බන්ධ සැකකරුවෙකු 2023.06.16 වන දින දහවල් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් විදේශගත වීමට උත්සාහ කිරීමේදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 65 වන ඉන්දීය ජාතික පුද්ගලයෙකි.
සැකකරු 2023.06.17 වන අද දින කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval