goat-insurance

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇත. පශු සම්පත් පාලනයේ දී රජය විසින් ඉදිරි වසර පහේ එළුවන් 70,000ක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබාදීමේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.


කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ අංශ ගණනාවක්
සඳහා නව රක්ෂණාවරණ ලබාදීමේ වැඩපිළිවෙළ සහ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී එම මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.එම්. එම්.ටී. වීරසේකර මහතා මේ බැව් ඇමැතිවරයාට දැනුම් දුන්නේය.
එළුවකුගේ සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන අතර රුපියල් 400ක වාර්ෂික රක්ෂණ දායකත්වයක් මඟින් එළුවන් රක්ෂණය
කිරීමට අවස්ථාව සලසා දීමටත්, එළුවන් සොරකම් කිර්මක් සිදුවූ විටදී හෝ හදිසියේ මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබාදීමටත් මේ නව රක්ෂණය යටතේ කටයුතු යොදා තිබේ. මේ එළුවන් නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා රජය මේ වසරට රුපියල් මිලියන 150ක මුදලක් ලබා දී ඇත.