
සිය සංගමයේ ඉල්ලීම් නොසලකා සෞඛ්‍ය අමාත්‍යාංශය හා වෛද්‍ය සැපයුම් ඒකකය අසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල් භාවිත කරමින් රෝහල් පද්ධතිය සඳහා ශල්‍ය ගෝස් මීටර් මිලියන තුනක් මිලදී ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් සාමාන්‍ය මිලදී ගැනිම්වලට වඩා කෝටි අටකට වඩා වැඩි මුදලක් රජයට වියදම් වන බව ශ්‍රී ලංකා ශල්‍ය ගෝස් සංගමය පෙන්වා දී ඇතැයි අල්ලස දුෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය පවසයි.
දැනට මිලදී ගනු ලබන මීටර් මිලියන විසිහතරක ප්‍රමාණයෙන් හරි අඩක් වන මීටර් මිලියන 12ක් සඳහා කැඳවා තිබූ ටෙන්ඩරය පසුගිය වසරේදි සෞඛ්‍ය ඇමැති සමග කළ සාකච්ජාවකින් අනතුරුව අවලංගු කර ඇතැයි පැවසේ.
යළිත් මෙම ජාත්‍යන්තර ටෙන්ඩරය මීටර් මිලියන තුනකට අදාළව පසුගිය වසරේ අගෝස්තු මාසයේ කැඳවීමට සුදානම්ව සිටියදී සෞඛ්‍ය ඇමැතිවරයා සමග ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමය කළ සාකච්ජාවෙන් අනතුරුව දේශීයව නිෂ්පාදනය කරනු ලබන ශල්‍ය ගෝස් සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් නොකරන බවට ඇමැතිවරයා පොරොන්දු වී තිබේ. නමුත්, ශල්‍ය ගෝස් මීටර් මිලියන තුනක් මිලදී ගැනීම සඳහා යළි ටෙන්ඩරයක් කැඳවා ඇතැයි අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය පෙන්වා දෙයි.
දැනට නිෂ්පාදනය කරන ශල්‍ය ගෝස් මීටරයක් සඳහා වෛද්‍ය සැපයුම් අංශයෙන් රුපියල් හැත්තෑහතරයි ශත අනුහයක් ගෙවනු ලබන අතර, නව ටෙන්ඩරයෙන් ලබා දී ඇත්තේ වැට් බදු එකතු කළ පසු රුපියල් එකසිය දෙකයි ශත අනූතුනක මුදලක් බවට ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
ඒ අනුව මෙමගින් ශල්‍ය ගෝස් මීටරයක් සඳහා රුපියල් විසිහතයි ශත අනූහතක මුදලක් රජයට අහිමිව ඇති බව එම සංගමය පෙන්වා දෙන බව අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය පවසයි.
මෙරට වෛද්‍ය සැපයුම් අංශයට ශල්‍ය ගෝස් ඕනෑම ප්‍රමාණයක් ලබාදීමට දේශීය නිෂ්පාදකයන්ට හැකියාව තිබියදී මෙලෙස ටෙන්ඩර් කැඳවීමෙන් සිදුවන්නේ දේශීය කර්මාන්ත විනාශ මුඛයට ඇද දැමීම බව අල්ලස දුෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන අවධාරණය කරයි
වරුණි පෙරමුණ
Comments
Post a Comment
Your comment will be visible after approval