
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇණවුම් සියයට 18 කින් අඩුවී ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය. එම අඩුවීම සියයට 20 දක්වා වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය. බටහිර රටවල පසු කොවිඩ් තත්වය මෙලෙස ඇණවුම් අඩුවීමට හේතුව ලෙස හඳුනාගෙන තිබෙන බවද අමුණුගම මහතා පැවසීය.
මෙරට ඇඟලුම් කම්හල් කොරෝනා කාලයේ වැඩ කර රජයට සල්ලි සොයවාද දුන් බවත් ඉන්ධන, ආහාර ඖෂධ ගේන්න ඒ මුදල් යොදාගත් බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා ඇඟලුම් ඇණවුම් අඩු වන කාලසීමාවේදී රජය ඔවුන් ආරක්ෂා කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් සාකච්ඡා කර ඇති බවද පැවැසීය. එය බදු සහන හෝ වෙනත් ක්‍රමයකින් ලබා දීමට හැකියාව ඇති බවද ඔහු කීය.
ඇඟලුම් කර්මාන්ත ශාලා වසා දමන බවටත් ඒවා නැවත පිට රට යන බවටත් කතාවක් පැතිරෙන නමුත් එවැනි දෙයක් සිදුවී නැතැයි කී අමුණුගම මහතා කර්මාන්ත ශාලාවක් දෙකක් වසා තිබෙන්නේ පෞද්ගලික හේතු මත බව සඳහන් කළේය.
අංජුල මහික වීරරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval