
අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි සාමාජිකයෙකු මෙසේ පැවසීය.
"පොඩි බිත්තරේ මම ගේනවා රුපියල් 55 ගානේ. ලොකු බිත්තර කිලෝ එක 880, හැබැයි මට දුන්නා 890ක් වගේ ගත්තා. අලුත්ම ගේම් එක වෙළෙන්දෝ අල්ලගෙන තියෙනවා. මම කතා කරා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ චරිතවලට, එයාලා කිව්වේ රුපියල් 44,45,46 යන මිලවල් වලට තමයි බිත්තර තොග දෙන්නේ.
මේ මාෆියාව හදලා දුන්නේ රජයෙන්. වෙළද ඇමතිතුමා තීරණයක් ගත්තා බිත්තර වල මිල පාලනය කරන්න ඉන්දියාවෙන් බිත්තර ගේන්න. කිව්වා 35,40ට බිත්තර දෙනවා කියලා. ඒකෙනුත් ෆේල්. වෙළෙන්දගේ අතට ඉතාමත් කූඨ ලෙස මුදල් ගරා ගැනීමේ ක්‍රමයක්. මේ ක්‍රමය හදලා තියෙන්නේ වෙළද ඇමතිතුමා සහ පාරිභෝගික අධිකාරිය. මේ රටේ පාරිභෝගිකයෝ රකින්න බැරිනම් උඹලා ගෙදර පලයල්ලා. බිත්තර දෙදහක් තුන්දහක් විකිණුවොත් කොච්චර තියෙනවද? මේවා හෙන ගහන අපරාධනේ. අද මන්ද පෝෂණය ඇති රටේ දරුවෙක්ට බිත්තරයක් දෙන්නෙ නැති තත්වයකට පත් කරලා තියෙනවා මේ රට. පාරිභෝගික අධිකාරිය කැඳවලා ඇමතිතුමා කැඳවලා අනිවාර්‍යයෙන් මේකට දැඩි තීරණයක් ගන්න.
රජයට පුළුවන් ගැසට් එකක් ගහන්න සතියක් හෝ දෙකක කාලයක් තුළ විදේශ රටකින් ගේන සියළු භාණ්ඩ මේ ඩොලර් එකේ අඩුවීම මත 10% කින් හෝ 15% කින් අඩු වෙනවා. නියාමනය දැම්මනම් ආයේ එකින් එකට මිලක් නියම කරන්න අවශ්‍ය නෑ."
Comments
Post a Comment
Your comment will be visible after approval