
ගංජා සුරුට්ටුවකින් සිය බිරිදගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පුළුස්සා තුවාල සිදු කළ 26 හැවිරිදි සැමියකු ඊයේ 04 වැනිදා අත්අඩංගුවට ගත් බව සමනල වැව පොලිසිය පවසයි.
සමනල වැව පොලිස් බල ප්‍රදේශයට අයත් පඹහින්න ප්‍රදේශයේ පදිංචි එක්දරු පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.
ඔහුගේ නිවාස පරිශ්‍රය පරික්ෂා කිරීමේ දී සරුවට වැවී තිබුණ ගංජා ගස් කිහිපයක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය. බිරිය පිළිස්සුම් තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබාදීම සදහා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
ඔහු ඊයේ 4 වැනිදා සවස ගංජා සුරැට්ටුවක් පත්තු කර එය උරමින් සිටිය දී සිය බිරිඳගේ ශරීරයේ ස්ථාන කිහිපයක් මෙලෙස පුළුස්සා තිබෙන අතර ඒ සම්බන්ධයෙන් බිරිඳ ඊයේ 4 වැනිදා සමනල වැව පැමිණිල්ලක් කර තිබූ බව ද පැමිණිල්ල සිදු කර කෙටි වෙලාවකට පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද සමනල වැව පොලිසිය කියයි.
නිරන්තරයෙන් ගංජා පානය කරන සැමියා අමානුෂික ලෙස පහර දෙන බවට ද ඇය ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගැනුණ සැමියා බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval