baby-ask-for-woman

විවාහවී කාලයක් ගතවී ඇතත් දරුඵල නොමැතිව ප්‍රතිකාර ගැනීමට බියගම සියඹලාපේ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිය 42 හැවිරිදි කාන්තාවක දූෂණය කළේ යැයි කියන එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.



එම කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම කාන්තාව ප්‍රතිකාර ගැනීම සඳහා සියඹලාපේ ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍යවරයා හමුවීමට මීට පෙර අවස්ථා ගණනාවක දී ගොස් ඇතැයි පොලිසිය කියයි.මෙම වෛද්‍යවරයා හමුවීමට ඉකුත් 12 වැනිදා ගිය අවස්ථාවේ ඇය දූෂණය කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනතුංග මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි තනුජා හෙළ උඩගේ මහත්මියගේ මෙහෙයුම යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය