
ලෝකය හරිත උයනක් කරන්නට තම ඇවිදින නිවස කර මත තබාගෙන ලොව වටා යන අපේ කාලයේ අමුතුම පරිසරහිතකාමි අපුරු පුදුම මිනිසෙක් මේ දිවල ලංකාවට පැමිණ තිබේ.මොහු ලොවටම සිසිල ලබා දෙන දකුණු අප්‍රිකානු ජාතිකයෙකි.
ගාල්ල,කඹලාන හෝටලයක දැනට නතරවී සිටින ඇන්තනි ස්ටෝන් නමැති ඔහු ලංකාව වටේ පයින් යන්නට තීන්දු කර තිබේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ඔහු රෝද දෙකක් තියෙන පොඩි ටේලර් එකක් බඩේ බැදගෙන රික්සෝවක මෙන් ගමන් කරයි.ඔහු සතු සියලු දේ ඒ මල්ල තුළ බහා තිබේ.
තමන්ගේ ගමන් විස්තරය ලෝකයට කියන්නට ඔහු යූටියුබ් නාලිකාවකද ගමන් විස්තර උඩුගත කරන අතර ඒ තුළින් උපයන මුදලින් ගස් සිටුවීම ඔහුගේ අභිප්‍රායයකි.
‘පරිසර හිතකාමි අරමුනට මම ලොව වටා රටටවල පයින් ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා එක ගහක් වැලක් හරි හිටවන්න මම උනන්දු කරනවා. ‘ ඔහු පවසයි.
‘මේ ගමනට මට ගොඩක් අය උදව් කරනවා සමහර හෝටල වල හිටියට බිල් ගත්තේ නෑ. ලෙංගතු මිනිසුන් සිටින ලංකාවේ ද ගහක් වැලක් සිටවන්න මම මේ යන සංචාරයේ දි පා ගමනින්ම ගිහින් ජනතාවට කියනවා. ‘ ඔහු පවසයි.
ඇන්තනී ස්ටෝන් දකුණු අප්‍රිකාවේ වාසය කරන වයස අවුරුදු පනස් දෙකක (52) පුද්ගලයෙකි.
දෙවුන්දර තුඩුවේ සිට රට වටේම යමින් පේදුරු තුඩුව දක්වා ගමන් කරන ඔහු සිය කරේ තියන් සිටින නිවස නිදහස් තැනක කදී මගේ බිම තබා මහන්සියට රෑට නිදියන බව දන්වා තිබේ.
‘කෑමත් නැති වුනත් මම මේ ගෙදර සිටිනවා. පසුදා උදෙන්ම මම සිසිල් ලොවක් තනන්න ගමන් කරනවා’ ඇන්තනී ස්ටෝන් මහතා කීය.
මේ දිනවල Hotel Lean at 83 ඔහු ගතකරන බව දන්වා සිටියේ අධිපති නීල් මහතාය.
රටවල් සිය ගණනක ගමක් ගමක් පාසා ගමන් කරන ඇන්තනී ස්ටෝන් වසර 30 කට අධික කාලයක් තුළ ලොව විවිධ රටවල්වල ගස් වැල් සිටුවන්නට හරිත මෙහෙවරක් කරන පරිසරයට ආදරය කරන මිනිසෙකි.
තොරතුරු හා ඡායාරූප නිමල් අල්ගෙවත්ත

Comments
Post a Comment
Your comment will be visible after approval