
ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය කාන්තා නිලධාරිනියන් රාජකාරී සඳහා යොදවා තිබේ.
ඒ අනුව ඊයේ (25) දිනයේ පොළොන්නරුව රථවාහන අංශයේ කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනෙකු මෙලෙස රාජකාරී සඳහා යොදවා තිබේ.
අලුතින් සේවයට යොදවා ඇති කාන්තා නිලධාරිනියන් රථවාහන මෙහෙයවීම සහ වාහන පරීක්ෂා කිරීම සඳහා ද යොදවා තිබුණි.
රථ වාහන පරීක්ෂා කිරීම ඇතුලු රථ වාහන රාජකාරී සඳහා කාන්තා නිලධාරිනියන් යොදා ගැනීම මෙලෙස වාර්තා වූයේ පළමු වරටය.
පොළොන්නරුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.
මෙලෙස රථ වාහන රාජකාරියට එක්වූ කාන්තා නිලධාරිනියන් කොට්ඨාශ යතුරුපැදි ඒකකය සහ රථ වාහන යතුරුපැදි ඒකකයේ සේවයට යොදවා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval