ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (18) ලිඛිතව ඉල්ලීමක් කර ඇත. මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා
මරණකරුගේ දේහය ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බැව්න් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මියගෙන් ඉල්ලා ඇත.ඒ අනුව, පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද කැඳවා නියෝගයක් කිරීම සඳහා කඩිනමින් නඩුව කැඳවීමට අධිකරණය දින නියම කළේය. ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග නිකුත් කළේ ඉකුත් පෙබරවාරි මස 17 වැනිදාය.
ඒ අනුව, එම පංච පුද්ගල විද්වත් කමිටුව අධිකරණය අධිකරණය විසින් ඉකුත් පෙබරවාරි මස 27 වැනිදා පත් කරනු ලැබූ අතර,
එහි සභාපතිත්වය හෙබවූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාය. මෙම පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් වන්නේ, රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩී.එච්.එස්. ප්‍රනාන්දු, මහනුවර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. ශිව සුබ්‍රමනියම් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ජී.ආර්. රුවන්පුර යන මහත්වරුන්ය.
නිමන්ති රණසිංහ
0 Comments