
මහියංගණ ප්‍රදේශයට හෙරොයින් ගෙනවිත් අලෙවි කරන ‘මුන්ඩා' සහ ‘සාතන්' යන දෙදෙනා හෙරොයින් මිලි ග්‍රෑම් 5100 ක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් 15200 ක් සමග අත්අඩංගුවට ගත් බව මහියංගණය පොලිසිය කියයි.
මොවුන් දෙදෙනා දෙදෙනා මෙම හෙරොයින් කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ සිට මහියංගණයට රැගෙන ආ බවට පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත. ඉතා දැඩි ලෙස හෙරොයින් පානය කිරිම සඳහා ඇබ්බැහි වී සිටින මෙම සැකකරුවන් හෙරොයින් ඉතා සූක්ෂමව තම ගුද මාර්ගයේ සඟවාගෙන රැගෙන එමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි කියයි.ඉතා සූක්ෂම ලෙස හෙරොයින් සඟවාගෙන මහියංගණය දක්වා පැමිණෙන මොවුන් මත්කුඩු ජාවාරමේ ද නිරත වන්නන් බව ද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගැනුණු සැකකරුවෝ දෙදෙනා මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව සිටිති.
රංජිත් කරුණාවීර
Comments
Post a Comment
Your comment will be visible after approval