kalutara-suspect-girl-kill-arrested

අභිරහස් ලෙස මිය ගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පිරිසක් හික්කඩුව ප්‍රදේශයේ දී වැටලීම කර තිබේ.ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර, කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.


 තරුණයකු සහ සිසුවියන් දෙන්නෙකු සමඟ කළුතර ප්‍රදේශයේ ලැඟුම්හලකට පසුගිය 6 වනදා පස්වරුවේ ගිය සැකකරු සිටි 3 වන මහලේ කාමරයෙන් සිසුවියක වැටී මියයාම ගැන පරීක්ෂණ වලට අදාළව සැකකරු අත්අඩංගුවට පත්විය.
එහිදී රැඳී සිටි කාමරයෙහි සිටි 16 හැවිරිදි සිසුවිය තල්ලුකිරීම හෝ ඔහු නිසා සිසුවිය පැනීම සිදුව ඇතැයි පොලිසිය සැකකරයි.
16 හැවිරිදි සිසුවිය සමග මාස 2 ක් පමණ තිස්සේ පෙම් සබඳතාවයක් පවත්වා තිබූ මොහු ද්විත්ව විවාහකයෙකු බවද වාර්තාවිය.
සිද්ධියෙන් පසු පළාගොස් සිටි සැකකරු තමන්ට අයත් නිවාස වලට ගොස් නොතිබූ අතර ගාල්ලේ සැඟව සිටි අතරවාරයේ දින 3 ක් ඇතුළත පොලිසියට හසුවිය.
ඔහු සපයන කට උත්තරය අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇත.