kalutara-girl-death-update

පසුගියදා කළුතර හෝටලයක ඉහළ මාලයකින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවිය පදිංචි නාගොඩ ප්‍රදේශයේ නිවසේ මේ වනවිට ඇගේ දේහය තැන්පත් කර තිබෙන අතර පැමිණි මාධ්‍ය කන්ඩායම් අමතා සිසුවියගේ මව චෝදනාවක් කර තිබේ.
ඇය මෙසේ කියා තිබේ.
'මෙයාගෙ පබාරා කියන යාළුවා හවස පහට විතර ඇවිල්ලා කිව්ව මෙයත් එක්ක දන්සල් වඳින්න යන්න ඕන කියලා. මං කිව්ව දරුවාට යන්න එපා කියලා දෙසරයක්ම කිව්වා. එක එක ඒව කියල කිව්වා...ඒත් එපා කිව්වා. තුන්වෙනි සැරේ ආයෙ ඇහුවම දරුවෙක් නිසා මම කිව්වා .. හරි එහෙනම් ගිහිල්ලා ඉක්මනට එන්න කියලා.. නමුත් ඒ වචන ප්‍රයෝජන අරගෙන දරුවා එක්ක ගියා. පස්සේ දරුවා ගෙදර ආවේ නැති කොට මම කෝල් එකක් ගත්තා ඒකට උත්තර දුන්නා අම්මෙ.. මේ අපි මේ දන්සැලේ ඉන්නේ කිව්වා..


දරුවා ගෙදර ආවේ නැතිකොට ආයෙගත්තා අනෙත් පැත්තෙන් උත්තර දුන් නැහැ.
මේ පබාරා කියන යාලුවා තමා ඔක්කොම කරේ. මං එයා ආශ්‍රය කරනවට කැමැත්තෙන් හිටියෙත් නැහැ.


මං යාලුවට කලිනුත් වතාවල් දෙකක් තුනක් කියලා තියනව.. මගේ දරුවාට ඉගෙන ගන්න දෙන්න.. ඔයා එන්න එපා කියල.
එදාත් මං කිව්වා ඒ ගැන... යන වෙලාවෙ කිව්වා ඇන්ටි මම මේ අදින් පස්සේ එන්නේ නෑ කිව්වා..
මට ඒ වචන ගැන සැකයි... එතකොට එතන ලොකු ප්ලෑනක් තිබිලා තමයි එයා ඒ වගේ වචනයක් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මගේ දරුවා එයා පාපතරෙයකුට විකුණලා.. ගියපු අනෙක් අය කිසිකෙනෙක් ගැන මම දන්නේ නෑ ..දරුවයි යාළුවයි විතරයි මං දන්නෙ..
මේ ගැන සාධාරණයක් සිදුවිය යුතුයි. ම​ගේ දරුව විතරක් නෙමේ වෙන කෙනෙකු වුනත් මේ වගේ දෙයකින් බේරගන්න නම් ඒක සිද්ධ විය යුතුයි'

සිසුවියගේ මව එසේ කී නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සිද්ධියේ පරීක්ෂණ ප්‍රගතිය ගැන සඳහන් කරමින් අද සවස ප්‍රකාශ කර තිබුනේ සිසුවිය අදාළ හෝටලයේ නවාතැන් ගැනීම සඳහා වයස 20ක තරුණියකගේ තමාගේ නොවන හැඳුනුම්පතක් රැගෙන ආ බවත් එම හැඳුනුම්පත හිමිකාරිය සිසුවියගේ නිවස අසළ පදිංචි ඇගේ අසල්වාසී මිතුරියක බවත්ය.

ඇගෙන් වැඩකට කියා එය ඉල්ලාගෙන මියගිය සිසුවිය එය රැගෙන ආ බවයි.
එසේම මීට පෙර වාර්තාවූ පරිදි සිසුවිය හා පළාගිය පෙම්වතා අතර 'ටික් ටොක්' වීඩියෝවක් නිසා ආරම්භවූ පෙම් සබඳතාවක් තිබී ඇති අතර එය දින 2 ක් නොව මාස 2 ක් තිස්සේම පවත්වාගෙන ගොස් ඇති බවටද සාක්ෂි ලැබී තිබේ.
විවාහ දෙකක් කරගෙන තිබුණ පෙම්වතා සිසුවියගේ මරණයෙන් පසු පළාගොස් ගැලනිගම ප්‍රදේශයේදී වාහනය අතැර දමා ගොස් ඇති අතර මිතුරෙකුට පවසා ඇත්තේ එය රැගෙන එන ලෙසයි. එම වාහනය පොලිසිය මගින් මේවනවිට සොයා ගෙන තිබේ.
සිසර් වරයෙකු ලෙස රැකියාවේ නිරතවූ බව කියන 29 හැවිරිදි පෙම්වතා නගර කිහිපයක වරින්වර සේවය කරමින් සිටි අයෙකු බව පොලිසිය පවසයි.
සිසුවියගේ මරණ පරීක්ෂණය ඊයේ සිදුවූ අවස්ථාවේ දකුනු පාදයේ හා ළැම පෙදෙසේ සීරීම් තුවාල හමුව ඇත. මරණය සම්බන්ධ විවෘත තීන්දුවක් ලබාදී ඇත.