
පසුගිය කාලයේ මහජනතාවට බලපෑ විදුලි බල කප්පාදුව, විදුලි බිල ඉහළයාම වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනතාව පැත්තේ සිට සටන් කළ අතර රජයට ඔහු නිසා ඇතැම් තීන්දු ගන්නට බැරිව ගියේය.
ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී .පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණි.එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය. ඒ අනුව වැඩි ඡන්ද 46කින් යෝජනාව සම්මත විය.
ඒ අනුව කොමිෂන් සභාවක සභාපති ධූරයක් වෙනුවෙන් වෙනම විවාදයක් පවත්වා පාර්ලිමේන්තුවෙන් ඔහු ඉවත් කළ පළමු කෙනා ලෙස ජනක රත්නායක මහතා ඉතිහාසයට එක්විය.
Comments
Post a Comment
Your comment will be visible after approval