wimal-speaks

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීම පිළිබඳව අද(24) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අදහස් දක්වමින් ඊට විරුද්ධව කතා කළේය.

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න සභාපතිලා ඇමැතිවරුන්ගේ පිහිටෙන් ගොඩ යද්දී එසේ එකඟ නොවන සභාපතිවරුන්ට ඇමැතිවරුන් තඩිබාන බවත්, යම් ආයතනයකට සභාපතිවරයකු පත්වන්නේ නිවැරදි දේ සිදුකිරීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.



හා සර්, යස් සර්, ඕකේ සර්, කියන සභාපතිලට ඕන කුප්ප වැඩක් කරන්න පුළුවන් බවත්, එසේ නොවන වැරදි දේට වැරදියි  කියන සභාපතිලට තඩිබාන ආණ්ඩුවේ ක්‍රමවේදයට විරුද්ධ බවත් විමල් වීරවංශ මහතා පවසයි.

විදුලිබල මණ්ඩලය විසින් වැඩිකරන මිල ගණන් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට නම් මහජන උපයෝගීතා කොමිසම තිබී වැඩක් නැති බවද, අඩුපාඩුකම් ඇති සභාපතිවරුන් ඔනෑතරම් සිටියදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාටම තඩිබාන්නේ අසාධාරණ විදුලි බිලට ඔහු එරෙහි වීම නිසා බවද මෙහිදී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

ඇමැතිවරුන්ට හීලෑ නොවන සභාපතිලා තමන්ට ඕන, ඕන වෙලාවට මාරු කරනවා වෙනුවට පැපුවා නිව්ගිනියාව තම රටේ සභාපතිලා පාලනය කරන ක්‍රමවේදය වැනි ක්‍රමවේදයක් මෙරටටත් අවශ්‍ය බව වීරවංශ මහතා මෙහිදී  වැඩිදුරටත් පැවසීය.