isso-sujee-dubai

පානදුර හා දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් ඩුබායි රටේ සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව කියන මෙතෙක් ආරක්ෂක අංශ මගින් හඳුනාගෙන නොතිබූ 'හික්කඩුවේ ඉස්සෝ සුජි' නමැත්තාට අයත් රුපියල් කෝටි පහකට අධික මුදලක් තැන්පත් කර තිබූ පානදුර පෞද්ගලික බැංකු දෙකක ගිණුම් ඊයේ (08දා) දින තහනමට ලක් කළ බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.එම මුදල් බැංකුගතව ඇත්තේ 2021 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 4ක් වැනි ඉතා කෙටි කාලයකදී බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය චෝදනාවකට රඳවා සිටින පානදුර නල්ලූරුව පදිංචි 50 හැවිරිදි පුද්ගලයකුගේ නමට එම ගිණුම් දෙක අයත්ව තිබෙන බව පොලීසිය කියයි.



2021 අගෝස්තු මස තුන් වැනි දින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගාල්ල උපඒකකයේ නිලධාර්න් විසින් හොරොයින් මත්කුඩු ග්‍රෑම් 12යි මිලිගෑම් 350ක් හා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 8ක් සමග අත්අඩංගුවට ගත් පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි එම සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිව්රෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඒ බව අනාවරණය කර ගැනීමට හැකි වී ඇත. සැකකරු හික්කඩුවේ ඉස්සෝ සුජි නමැත්තාගේ මුදල් භාරකරු තනතුරට අමතරව මත්ද්‍රව්‍ය බෙදා හැරිමද සිදු කර ඇති බව පොලීසිය කියයි.

ඉතා සූක්ෂ්ම සහ රහසිගත ලෙස දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති ගුණරත්න සුජිත් සිල්වා නොහොත් හික්කඩුවෙ ඉස්සෝ සුජි නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් කොළඹ රීමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු හා සම්බන්ධ වී මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ගෙන යන බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. අදාළ බැංකු ගිණුම් දෙක සම්බන්ධයෙන් අනාවරණය කරගැනීමෙන් අනතුරුව බැංකු දෙකේ කළමනාකරුවන් වෙත මුදල් විශුද්ධි කිර්ම වැළැක්වීමේ පනතේ හත 1 වගන්තිය ප්‍රකාරව නීතිව්රෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, පොලිස් අධිකාර් අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත ගිණුම් දෙක තහනම් කිරීමේ නියෝග කළමනාකරුවන් වෙත භාරදී ඇත.



සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් ලෙස ආරම්භ කර තිබෙන මෙම ගිණුම් දෙකට මේසා විශාල මුදලක් ඉතා කෙටි කාලයක් තුළ කළමනාකරුවන්ගේ ඇස් වසා ගිණුම්ගත වීම සම්බන්ධයෙන් ව්මර්ශන සිදු කරන නිලධාර්න්ගේ කාර්යක්ෂමතාව සහ දක්ෂතාව හේතුවෙන් සිද්ධිය අනාවරණය වී යැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අනතුරුව ඒ සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ගිණුම් දෙකේ හිමිකාර සැකකරු මම මස 16වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග ලබාගත් බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

(බිමල් ශ්‍යාමන් සහ සුමිත් පොතුපිටිය)