ipl-semi-final

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්තරගාවලියේ අවසන් මහා සටනට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය (Qualifier 2) අහ්මදාබාද්හිදී අද (26දා) ප.ව. 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. මෙම තරගය ගුජරාට් ටයිටන්ස් හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ.

මෙම තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) චෙන්නායි හමුවේ පරාජය වූ ගුජරාට් කණ්ඩායමට නොකඩවා දෙවැනි වරටත් අවසන් සටනට සුදුසුකම් ලැබීමට ඇතිඅවසන් අවස්ථාව මෙය වෙයි.

මේ අතර මුම්බායි කණ්ඩායම මෙම තරගයට සුදුසුකම් ලබාගත්තේ පසුගියවර අනුශූරයන් වූ ලක්නව් සුපර් ජයන්ට්ස් ලකුණු 81ක දැවැන්ත පරාජයකට ලක්කරයි. චෙන්නායිහිදී පෙරේදා (24දා) රාත්‍රියේ පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 182/8ක් රැස්කිරීමට සමත් විය. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16.3කදී සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 101ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට එළඹෙන ඉර්දා අහ්මදාබාද්හිදීම පැවැත්වෙන අවසන් මහා තරගයේ චෙන්නායි කණ්ඩායමේ ප්‍රතිවාදීන් වීමේ අවස්ථාව උදාවෙයි.
විශ්ව මුදියන්සේ