
පොල් ගෙඩි 20ක් සොරකම් කළ පුද්ගලයකුට වසර 10කට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කර තිබේ.
එක්දරු පියෙකු වන සැකකරු දිවුලපිටිය - කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ වත්තකින් මෙම පොල් සොරකම් කර ඇති බව වාර්තා වේ.
2021 ජනවාරි මාසයේදී සැකකරු සොරකම සිදු කර ඇති අතර එහි වටිනාකම රුපියල් 1200 කි.
මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඊයේ (මැයි 25) මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මෙම දඬුවම් නියම කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval