choon-pan-theft

ධාවනය වෙමින් තිබූ බේකරි නිෂ්පාදන අලෙවි රථයක් බලහත්කාරයෙන් නවතා එහි රියදුරා මරා දමන බවට තර්ජනය කර ඔහු සන්තකයේ තිබූ රුපියල් පන් දහසක මුදලක් හා ජංගම දුරකථනයක් කොල්ල කා පැන ගොස් සිටි කොල්ල කරුවන් දෙදෙනෙකු ඊයේ 17 අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය පවසයි.


අත්තනගල්ල කොස්රුප්පවත්ති ප්‍රදේශයේ දී කොල්ල කරුවන් තිදෙනෙකු ධාවනය වෙමින් තිබූ බේකරි නිෂ්පාදන අලෙවි රථයක් මුකුත් 15 වනදා පස්වරුවේ බලහත්කාරයෙන් නවතා එහි රියදුරා මරා දමන බවට තර්ජනය කර ඔහු සතුව තිබූ රුපියල් පන් දහසක මුදලක් හා ජංගම දුරකථනයක් කොල්ල කා පැන ගොස් තිබිණ.
අත් අඩංගුවට ගෙන ඇති එම කොල්ල කරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් බවද මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත. සැගවී සිටින අනෙක් කොල්ලකරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.