A-discovery-that-a-giant-deadly-tsunami-that-will-end-the-world-will-emerge-from-Antarctica

මිහිපිට ජීවය අවසන් කරන්නට තරම් ප්‍රබල වියහැකි මාරාන්තික සුනාමියක් ඇන්ටාක්ටිකාවේ දේශගුණ විපර්යාස සමග මතුවිය හැකි බවට විද්‍යාත්මක පර්යේෂණයක් මගින් හෙළිදරව් කර තිබේ.
ප්‍රකට විද්‍යා සන්නිවේදන සඟරාවක් වන nature හි  Climate-controlled submarine landslides on
the Antarctic continental margin නමින් මෙම පර්යේෂණ ප්‍රතිඵල පත්‍රිකාව පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළ අතර
Jenny A. Gales, Robert M. McKay ඇතුළු විදයාඥයින් 392 දෙනෙකු මෙම පර්යේෂණයට දායකවී ඇත.
දේශගුණික විපර්යාස ඇන්ටාක්ටිකාවේ දිය යට නාය යෑම් මගින් දකුණු සාගරයේ යෝධ සුනාමියක් මුදා හැරිය හැකි බව මෙම අධ්‍යයනය අනතුරු අඟවයි.
ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලේ අඩි සියගණනක් පහළින් ඇති අවසාදිත හරය තුළින් මෙම අන්තරාදායක තත්වය මතුවන බව පෙන්නුම් කර ඇත. විද්‍යාඥයන් පවසන්නේ මීට වසර මිලියන 3කට සහ මිලියන 15කට පෙර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ පෙර කාල පරිච්ඡේදවලදී - ලිහිල් අවසාදිත ස්ථර සෑදී දැවැන්ත සුනාමි රළ දකුණු ඇමරිකාවේ වෙරළට යැවීමට ලිස්සා ගිය අයුරු සාධක හමුවන බවයි. මෙය නවසීලන්තයත් අග්නිදිග ආසියාවටත්තදින් බලපා ඇත..
සාගර උණුසුම් කරන විට ඇතිවන දේශගුණික විපර්යාස නිසා පර්යේෂකයන් පෙන්වා දෙන්නේ  මෙම සුනාමි තත්වයන් නැවත වරක් මුදා හැරීමේ හැකියාවක් පවතින බවයි.

එක්සත් රාජධානියේ ප්ලයිමූත් විශ්ව විද්‍යාලයේ ජල විද්‍යාව සහ සාගර ගවේෂණය පිළිබඳ කථිකාචාර්ය ජෙනී ගේල්ස්  මෙම පර්යේෂණයේ ප්‍රධාන දායිකාවක වන අතර ඇය කියා සිටියේ"ගෝලීය දේශගුණික විපර්යාස මෙම කලාපවල ස්ථායීතාවයට සහ අනාගත සුනාමි සඳහා බලපාන ආකාරය පෙනී යනවා අපි ප්‍රවේශම් විය යුතු අතර ඇතිවිය හැකි කාල නිර්ණය පිණිස මේ ගැන තවත් සියුම් විමර්ශන වලට යායුතු වෙනවා." යනුවෙනි.
මෙම සොයාගැනීම ඔවුන් තර්කානුකූලව පෙන්වා දී ඇත්තේ පැරණි සුනාමි පිළිබඳ සාක්ෂිද සහිතවය. ඇන්ටාක්ටිකාවට 2017 දී නැගෙනහිර රොස් මුහුදෙන් ඇතිවූ බලපෑම එවැන්නක් ලෙස ඔවුන් පෙන්වාදී ඇත.
මෙම තත්වයන්ට පොළව යටින් සිරවී ඇත්තේ ෆයිටොප්ලැන්ක්ටන් ලෙස හඳුන්වන පොසිලීකරණය වූ මුහුදු ජීවීන්ගෙන් පිරී ඇති දුර්වල අවසාදිත ස්ථරය හේතුවූ බව ඔවුන්ගේ මතයයි.


විද්‍යාඥයන් 2018 දී නැවත එම ප්‍රදේශයට පැමිණ අවසාදිත මධ්‍යයන් නිස්සාරණය කිරීම සඳහා මුහුදු පතුලේ ගැඹුරට විදින ලද සිදුරකින් පෘථිවි කබොලෙහි දිගු තුනී සිලින්ඩර් කලාපයේ භූ විද්‍යාත්මක ඉතිහාසය අධ්‍යනය කරන ලදි.
අවසාදිත හරයන් විශ්ලේෂණය කිරීමෙන්, විද්‍යාඥයින් දැනගත්තේ දුර්වල අවසාදිත ස්ථර කාල පරිච්ඡේද දෙකක් තුළදී, එකක් වසර මිලියන 3 කට පමණ පෙර ප්ලියෝසීන් මධ්‍යයේ උණුසුම් කාල පරිච්ඡේදයේදී සහ අනෙක දළ වශයෙන් වසර මිලියන 15 කට පෙර මයෝසීන දේශගුණය තුළ ප්‍රශස්ත ලෙස ඇති වූ බවයි.
මෙම යුගවලදී, ඇන්ටාක්ටිකාව අවට ජලය අදට වඩා ෆැරන්හයිට් අංශක 5.4 (සෙල්සියස් අංශක 3) උණුසුම් වූ අතර, ඇල්ගී මල් පිපිරීමට තුඩු දී ඇත. ඒවා මිය ගිය පසු, පහළ මුහුදු පත්ල පොහොසත් හා ලිස්සන සුළු අවසාදිතයකින් පුරවා ඇත. සුනාමි තත්වයන්ට එම ස්වරූපය රුකුලක් ලබාදී ඇති බවද ඔවුන් පෙන්වාදී ඇත.

  වික්ටෝරියා වෙලින්ටන් විශ්ව විද්‍යාලයේ ඇන්ටාක්ටික් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර සාගර සොයාගැනීම් වැඩසටහනේ සම ප්‍රධාන විද්‍යාඥ පර්යේෂක රොබට් මැකේ පවසන්නේ,
‘පසුකාලීන සීතල දේශගුණය සහ අයිස් යුගයන්හිදී මෙම ලිස්සන සුළු ස්ථර ග්ලැසියර සහ අයිස් කුට්ටි මගින් ලබා දෙන ඝන බොරළු ස්ථරවලින් ආවරණය  වූ බවයි.
කලාපයේ අතීත දිය යට නායයෑම් සඳහා නිශ්චිත ප්‍රේරකය නිශ්චිතවම නොදනී, නමුත් පර්යේෂකයන් බොහෝ දුරට සැකකරන්නේ  උණුසුම් දේශගුණයක් මගින් ග්ලැසියර අයිස් දියවීම. පෘථිවි ආවර්තිතා ග්ලැසියර කාලපරිච්ඡේදය අවසන් වීම නිසා අයිස් තට්ටු හැකිලීමට හා පසු බැසීමට හේතු වි ඇති බවයි, පෘථිවි භූ තැටි මත බර අඩු කර ඒවා සමස්ථානික ප්‍රතිබද්ධිය ලෙස හැඳින්වෙන ක්‍රියාවලියකින් ඉහළට නැවත පැමිණීමට හේතු වි ඇතැයි පර්යේෂකවරයා පවසයි.

ඉපැරණි සාගර තරංගවල පරිමාණය සහ ප්‍රමාණය නොදන්නා නමුත් විද්‍යාඥයන් විසින් සාපේක්ෂ වශයෙන් මෑත කාලීන භුගත නායයෑම් දෙකක් සටහන් කර ඇති අතර එය විශාල සුනාමි ඇති කළ සහ සැලකිය යුතු ජීවිත හානියක් සිදු කළේය: 1929 ග්‍රෑන්ඩ් බෑන්ක්ස් සුනාමිය අඩි 42 (මීටර් 13) උස රළ ජනනය කළේය. සහ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් 28 දෙනෙකු පමණ මරා දැමීය; ඊළගට 1998 පැපුවා නිව්ගිනියා සුනාමිය නිසා ජීවිත 2,200ක් අහිමි විය. එය අඩි 49ක් (මීටර් 15) උස රළ මුදා හැරියේය.

ඇන්ටාක්ටික් මුහුදු පත්ලට යටින් වැළලී ඇති අවසාදිත ස්තර රාශියක් සහ ගොඩබිම මුදුනේ ඇති ග්ලැසියර ක්‍රමයෙන් දියවෙමින් පවතින විට, පර්යේෂකයන් අනතුරු අඟවන්නේ - අතීතයේ දී ග්ලැසියර දියවීම ඒවාට හේතු වූ බව නිවැරදි නම් - අනාගතයේදී නායයෑම් සහ සුනාමි ඇතිවිය හැකි බවයි.

මෙම පර්යේෂණ පත්‍රිකාවට අදාළ යොමුව හා ඒ ආශ්‍රිතව පළවූ පුවත් වලට යොමු මේ සමග පළවේ
https://www.nature.com/articles/s41467-023-38240-y.pdf

https://www.livescience.com/planet-earth/antarctica/climate-change-could-trigger-gigantic-deadly-tsunamis-from-antarctica-new-study-warns