
පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් 5 ක් ‘ඉතා අපිරිසිඳු‘ තත්වය හේතුවෙන් වසා දමන්නට අධිකරණය නියෝග කර තිබේ.
මෙම හෝටල් කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඉකුත් 17 - 18 දිනවල දැඩි පරීක්ෂාවට ලක් කළ අතර අපිරිසුදු තත්වයෙන් පවත්වාගෙන ගිය බව තහවුරු වීමෙන් පසුව නඩු පවරා තිබිණි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මීට පෙර මෙම හෝටල් දැඩි පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී අපිරිසුදු ලෙස පැවති මෙම හෝටල් පිරිසුදු ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබුණද එම උපදෙස් නොසලකා හරිමින් මෙම හෝටල් ඉතා අපිරිසුදු තත්වයෙන් දිගටම පවත්වාගෙන යමින් සිටි බඩඩ් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
මෙසේ වසා දැමූ හෝටල් 05 ලබන මස 16 වන දිනට පෙර ඉතා පිරිසුදු තත්වයෙන් සකසා අඩුපාඩු සම්පූර්ණ කර මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් අධිකරණයට වාර්තා කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත් වරිය හෝටල් හිමිකරුවන්ට නියෝග
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ශ්‍රී ප්‍රතාපන් සහ දිසා අංක 02 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පැතුම් කොඩිකාර යන මහත්වරුන්ගේ මෙහෙය වීමෙන් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. ඒ. අබයරත්න, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන සීමාෆ් වැලිකල ඉන්දික, දිල්ෂාන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
කොටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. ඩී.ටී. වික්‍රම රත්න මහතා නඩුව මෙහෙයවූයේය.
Comments
Post a Comment
Your comment will be visible after approval