
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා පත්කෙරෙන නව ආණ්ඩුකාරවරුන් ජනපති රනිල් වික්‍රමසිංහ අද පත්කර තිබේ.
උතුරු පළාත සඳහා පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියත්, වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් මහතාත්, නව ආණ්ඩුකාරවරු ලෙස පත්කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්ම මහත්මීන් එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (15) පියවර ගෙන තිබුණි.
නව ආණ්ඩුකාරවරුන් අතර චාර්ල්ස් මහත්මිය පසුගියදා ආන්දෝලනයක් ඇති කරේ හදිසියේ මැතිවරණ කොමිසමෙන් ඉවත්වීම සමගිනි.ඇය ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියකි. කෙසේ වෙතත් ඇගේ ඉවත්වීම නිසා පළාත් පාලන මැතිවරණයට තීරණ ගැනීමේ අර්බුදයක් ඇතිකර දේශපාලන වාසියක් රජයට ලබාදුනි. ලක්ෂ්මන් යාපා අබේවර්ධන පසුගිය මැතිවරණයෙන් ආසනයද පරාජයට පත්ව නිවසේ සිටියේය. ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා හා හිටපු ඌව පළාත් සභා ඇමති සෙන්දිල් තොණ්ඩමන් මහතා නැගෙනහිරට පත් කර ඇති අතර ඉදිරි මැතිවරණ වලදී දේශපාලනමය වශයෙන් වාසියක් ලබාගැනීමට මෙම පත්කිරීම කර ඇති බව දැනගන්නට තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval