The-doctor-who-tried-to-kill-his-wife-by-injecting-too-much-insulin-was-arrested

ඉන්සියුලින් අධි මාත්‍රාවක් ශරීරගත කර සිය බිරිය ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයා ඉන්සියුලින් ඖෂධයට අමතරව වෙනත් ඖෂධයක් ඇයට ශරීර ගත කර ඇති බවට සැකයක් පවතින බව වෛද්‍යවරු සඳහන් කරන්නේ යැයි බම්බලපිටිය පොලිසිය ඊයේ (08) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා වෙත කරුණු වාර්තා කළේය.


සිද්ධිය ඊයේ නැවත කැඳවූ අවස්ථාවේදී බම්බලපිටිය පොලිසිය විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සැකකරු එන්නත් කළ ඖෂධ සම්බන්ධයෙන් සැකයක් මතුවී ඇති බවත් දැනට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින බිරිඳගේ තත්ත්වය අසාධ්‍ය බවටත් කරුණු වාර්තා කළේය.


මෙහිදී සැකකරු විසින් එන්නත් කිරීම සඳහා භාවිත කළ සිරින්ජරය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර කිනම් ඖෂධයක් එන්නත් කර ඇත්තේද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට පොලිසිය අධිකරණ නියෝගය ඉල්ලා සිටියේය.
මීට අමතරව සී.සී.ටී.වී. දර්ශන හා සැකකරුගේ ඡායාරූප සැසඳීම සඳහා ඔහු මේ මස 10 වන දින රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් කරන ලෙසට පොලිසිය අධිකරණයේ ඉල්ලා සිටියේය.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සිදත් ජයවර්ධන මහතා පැවසුවේ සැකකරුගේ ප්‍රකාශය සහෝදරයින්ගේ ප්‍රකාශ ඇතුළුව විමර්ශන සීයට අනූ නවයක් අවසන් බවත් ඇපකාරිවරයාට නියෝග කළේය. පනත ප්‍රකාරව සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ වීමට හේතු නොමැති බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසය.
රෝහල්ගතව සිටින බිරිය වෙනුවෙන් අධිකරණ හමුවේ පෙනී සිටි නීතිඥ මයන්ත විජේසුන්දර මහතා මෙහිදී සඳහන් කරනු ලැබුවේ සැකකාරියට ඉන්සියුලින් ඖෂධයට අමතර වෙනත් ඖෂධයක් ශරීරගත කර ඇති බවට වෛද්‍ය සැකයක් පවතින බවත් මොහු වෛද්‍යවරයකු වන නිසා ඇප ලබා දුනහොත් සාක්ෂිවලට බලපෑම් කළ හැකි බවය.
තවද ඇය කිසිදු රෝගයකට ප්‍රතිකාර ලබා නොගත් බවත් යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටි ඇය විවාහ සංවත්සරය සැමඊම සඳහා විනෝද චාරිකාවක් යෑමට සැලසුම් කර තිබූ බවට කරුණු වාර්තා විය.


තවද සැකකරු ඇප ලබා ගැනීමෙන් පසු මෙම නිවස වෙත යන බවත් එහිදී සාක්ෂි විනාශ කළ හැකි බව ද හෙතෙම අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී පොලිසිය ද සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ වෙමින් සඳහන් කරනු ලැබුවේ සැකකරුගේ බිරිඳගේ ශරීරගතව ඇති ඖෂධය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට ද ක්‍රියා කර ඇති බවත් ඔහු වෛද්‍යවරයකු බැවින් සාක්ෂිවලට බලපෑම් කළ හැකි බවත්ය.
බිරිඳගෙ තත්ත්වය අවදානම් බවත් ඉදිරියේදී කෙටි වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන බවට පොලිසිය අධිකරණයට දැන්විය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු මේ මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් ඔහු මේ මස 10 වන දින ඩීඑන්ඒ වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධි-
මීට අමතරව සැකකරු එන්නත් කළ සිරින්ජරය අඩංගු ඖෂ ධය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාව කැඳවීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග කළේය.

සම්බන්ධිත පෙර වාර්තා

දෙදෙනාම දිවි නහගන්න සිතා මුලින්ම බිරිඳට එන්නත විද්දත් බයට මා විදගත්තේ නෑ
බිරියට ඉන්සියුලින් වැඩිපුර එන්නත් කර මරන්න හැදූ වෛද්‍යවරයා අත්අඩංගුවට