suhurupaya

බත්තරමුල්ල ‘‘සුහුරුපාය’’ ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති අමාත්‍යාංශ පහක් ඉන් ඉවත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම ගොඩනැගිල්ලේ අයිතිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ඇති බැවින් එම අමාත්‍යාංශ ඉවත් කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍යාංශ ලේකම් පී.වී. ගුණතිලක ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ආරක්ෂක, නාගරික සංවර්ධන හා නිවාස, කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක හා ඉඩම් යන අමාත්‍යාංශ මෙලෙස ඉවත් කිරීමට සැලසුම් කර ඇත. පුද්ගල අනන්‍යතාව සඳහා වූ මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලක් ලෙස මෙය පවත්වා ගෙන යාමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. සේවා ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට උපරිම හා ඵලදායි ගුණාත්මක සේවාවක් ලබාදීමට මෙම අමාත්‍යාංශ තිබීම නිසා නොහැකි වී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දෙයි. එම නිසා මැයි මස පළමු වන දින වන විට එම අමාත්‍යාංශ ඉවත් කිරීමටද සැලසුම් කර ඇත.

(උදයජීව ඒකනායක)