
ඊයේ (11) ඕස්ට්‍රෙලියාවේ දිය ඇල්ලක් ආශ්‍රිත වළක නාන්නට ගිය ශ්‍රී ලාංකික පියෙකු හා පුතෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
උතුරු ක්වින්ස්ලන්ත ප්‍රදේශයේ රෙඩ්ලින්ච් නිම්නයේ ක්‍රිස්ටල් කැස්කේඩ්ස් හි පිහිටි දිය ඇල්ල සංචාරක ආකර්ෂණය දිනාගත් අලංකාර නැරඹුම් ස්ථානයක් වුවද දිය වළෙහි ඇති ගැඹුර නිසා නෑම අවදානම් බවට නම් කළ ස්ථානයක් බවද දැක්විණි.
ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න්හි පදිංචි සිසිර ගජනායක 59 හැවිරිදි පියා හා ඔහුගේ 21 හැවිරිදි පුතු අඟහරුවාදා දහවල් මෙම අනතුරට මුහුණපා මියගොස් තිබුණි.
ඔවුන් දෙන්නා පවුල් හතරකට අයත් 18 ක පිරිසක් සමඟ පිහිනමින් සිටි අතරදී පියා ප්‍රථමයෙන් ජලයේ ගසාගෙන ගොස් ඇති අතර ඔහුව බේරාගැනීමට දියණිය සහ පුත්‍රයා උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුව යළි ඔවුන් තිදෙනාම දියේ ගිලී ඇති ඇති බවත් එම අවස්ථාවේ දියණියගේ දිවි බේරී ඇති නමුත් පියා හා පුතු අතුරුදන්ව ඇති බව කියැවිණි.
කෙසේ නමුත් සිරුරු සොයාගන්නට බැරිව ගොස් බලධාරීන් දැනුවත් කර ඇත්තේ සවස 5 ට පසුව බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.
ක්වීන්ස්ලන්ත ගිනි නිවන සහ හදිසි සේවා කඩිනම් ජල ගැලවීමේ කාර්ය මණ්ඩලය, ක්වීන්ස්ලන්ත ගිලන්රථ සේවා පරිපූරක වෛද්‍යවරුන් සහ පොලිසිය දියත් කළ මෙහෙයුමකින් පසු මොවුන්ගේ සිරුරු පසුව සොයාගෙන ඇත.පිටතට ගන්නා විට ඔවුන් සිහිසුන් ආකාරයක සිට ඇති අතර හදිසි ප්‍රතිකාර ලබා දුන්නත් ඔවුන්ගේ සිහිය නැවත ලබා ගැනීමට හදිසි ප්‍රතිකාර සේවා අපොහොසත් වී තිබේ.
හදිසි මරණ පරීක්ෂණය අද සිදුකරන බවද දන්වා තිබේ.
සිසිර ගජනායක මහතා මෙල්බර්න් නගරයේ පිහිටි වෙන්චුරා බස් සමාගමේ රියදුරකු ලෙස වසර 8 ක කාලයක් සේවය කර තිබේ.


Comments
Post a Comment
Your comment will be visible after approval