
යන හැම උත්සවයකදීම තේ මේසේ කෑම සාරි පොටේ හංගාගෙන එන කාර්යාලයීය විධායක නිලධාරිනියක මෙම ක්රියාවෙන් අලි අමාරුවක වැටුණු අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. ඇයගේ රාජකාරියට අදාළ උත්සව සඳහා ආරාධනා නිතරම ලැබෙන්නේ දරන තනතුර නිසාය. ඒ වෙනුවෙන් තේ මේසයට යාමට සිදුවනුයේ ද ඇයටය. පුරුද්දක් වශයෙන් ඇය තේ මේසයට සහභාගි වී එහි තියෙන හොඳ කෑම ජාති කිහිපයක් ඔතාගෙන සාරි පොටේ හංගාගෙන එන්නේ පුරුද්දට මෙන්ය.
කවුරු හිටියත් ඇය මෙයට පුරුදු වී සිටියාය. එදා පැවැති උත්සවයේ තේ මේසය සඳහා ද ඇය ගියාය. වෙනදා මෙන්ම කෑම මේසයේ කෑම ටිකක් ඔතාගෙන සාරි පොටේ හංගාගෙන එළියට එමින් සිටියාය. දාගෙන ගිය අඩි උස සෙරෙප්පු දෙක සාරියේ පැටලී වැටෙන්නට ගියේ ඇගේ සමබරතාව බිඳී ගිය නිසාය. නොවැටී බේරෙන්න ඇය ගත් උත්සාහයත් සමගම සාරි පොටේ හංගාගෙන ගිය කෑම ටික අතින් ගිලිහී ගියේ ඇය නොදැනුවත්මය. තේ මේසයෙන් ගත් කෑම ටික සීසීකඩ විසි වී ඇයගේ තත්ත්වය මෙන්ම සාරියේ සායම ද සේදී ගියේ උත්සවයේ සෙනග ඉදිරියේය.
එම්. සුසිල් ප්රියන්ත
Comments
Post a Comment
Your comment will be visible after approval