
පුනරින් මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති ක්‍රීඩා උත්සවයක් නැරැඹීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු තරුණයන් පිරිසකගේ පහර කෑමට ලක්ව, තුවාල ලබා පුනරින් රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, පුනරින් පදිංචි, මහින්දන් නමැති කොස්තාපල්වරයකු බව පොලීසිය කියයි. ඔහු තිහගොඩ පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකි.ඔහු නිවාඩු ලබා නිවෙසට පැමිණ 4 දා රාත්‍රියේ ඥාති නැගණියන් දෙදෙනකු සමග පුනරින් මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති ක්‍රීඩා උත්සවයක් නැරැඹීමට ගොස් ඇති අතර, තරුණ පිරිසක් නැගණියන් දෙදෙනාට විහිළු කර ඇති බවත්, කොස්තාපල්වරයා ඔවුන් සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු මෙම පහර දීම සිදු කර ඇති බවත් පොලීසිය පවසයි. පහර දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත. පුනරින් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක
Comments
Post a Comment
Your comment will be visible after approval