sarath-wijesuriya-speaks

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැති කථිකාවට එක් වී මෙසේ පැවසීය.

"පාස්කු ප්‍රහාරය කාගේ නිර්මාණයක්ද? යහපාලන ආණ්ඩුව අසාර්ථක වීම නිසා අළුත් පාලනයක් ඇති කිරීමට මිනිස්සු විශාල ජන වරමක් ලබා දුන්නා. මහජන උද්ඝෝෂණ පැවැත්වෙනකොට ඒවා යටපත් කරන්නට කොමිෂන් සභා පත් වෙනවා. කොමිෂන් සභා විශාල වාර්ථා ගොනු කරනවා. එහෙත් ඒ වාර්ථා පෙට්ටගම් ඇතුළේ දිරාපත් වුනු බව තමයි ඇත්ත. මේ රටේ ස්ථාපිත අධිකරණයක් තියෙනවා. එහෙම තියෙද්දී මේ කොමිෂන් සභා පත් කරලා මොනවද කරන්නේ? අපරාධකාරයෝ දූෂිතයෝ ආරක්ෂා කර ගැනීමේ පිළිවෙතක්.



අද මට මගේ ජීවිතය දෙස හැරිලා බලනකොට හිතෙන්නේ ඉහළම තත්වයක තිබුණු අධ්‍යාපනය, ඉහළම තත්වයක තිබුණු ආර්ථිකය, ඉහළම තත්වයක තිබුණු අධිකරණය, ඉහළම තත්වයක තිබුණු දේශපාලන සංස්කෘතිය මේ සියළුම දේවල් ක්‍රමයෙන් දියුණුවට පත්වුනාද කියන ප්‍රශ්නයයි අද මා තුළ මතු වන්නේ.

මන්ත්‍රීවරයා වග බලා ගත්තා තමා ජනතාවට වග කියන කෙනෙක් බවට පත් වෙන්න. ජේ.ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව ඇති වෙන්නට පෙර ඇතිවුණු කාලයේ මහජන නියෝජිතයෝ කියන අය අසාමාන්‍ය ලෙස මහජන මුදල් කොල්ලකාපු බවට කිසිම චෝදනාවක්වත් තිබුණෙ නැහැ. මේ දේශපාලන සංස්කෘතිය විනාශවීම කියන එක ජේ.ආර් ජයවර්ධන මහත්තයගේ ව්‍යවස්ථාවෙන් තමයි සිද්ධ වුනේ. අසාමාන්‍ය ලෙස සල්ලි හම්බකරන්න මහජන නියෝජිතයන්ට අවසරය ලැබුණා. පාදඩ පංතියත් ක්‍රමයෙන් රාජ්‍ය පාලනයට අවතීර්ණ වෙන තත්වයත් උදා වුණා.

අතීතයත් වර්ථමානයත් දෙස බලකොට අපට පෙනෙන්නට තියෙන්නේ අපි ඉදිරියට නෙමෙයි ගමන් කරලා තියෙන්නෙ පිටු පසට. පාරවල්, අලංකාර ගොඩනැගිලි හදල තියෙනවා. ඒත් මනුෂ්‍ය සමාජය හොඳටම පරිහානියට පත්වෙලා."