
හික්කඩුව තොටගමුව මොළපු ඔයේ පාලම ආසන්නයේ අබිරහස් අයුරින් මියගොස් නිරුවත්ව පාවෙමින් තිබූ විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා (8) පස්වරුවේ සොයා ගත් බව හික්කඩුව පොලීසිය කියයි. මෙම විදෙස් කාන්තාව හික්කඩුව වැල්ලවත ප්‍රදේශයේ විලාවක ලැගුම් ගෙන සිටි රසේනියා පිටි රෝනා නමැති තිස්පස් හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක බවද පොලීසිය කියයි.
මිය ගිය සුදු කත ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා බව ද පොලීසිය කියයි.
ඇය රෝගී තත්ත්වයකින් සිට ඇතිදැයි සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි සොයා බලන බවද පොලීසිය කියයි. මිය ගිය කාන්තාවගේ දේහය බාර ගැනීමට ඥාතීන් පැමිණෙන තෙක් ඒ වෙනුවෙන් පැවැත්වීමට තිබූ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් දැමූ බවද පොලීසිය කියයි.
ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව කළපුවේ පාවෙමින් තිබූ විදෙස් කාන්තාවගේ මළ සිරුර සොයා ගත් බවද පොලීසිය කියයි. මෙ සුදු කත මොළපුව කළපුවේ නාන්න පැමිණ සිටිය දී ජීවිතක්ෂයට පත්වූවේ ද නොඑසේ නම් වෙන හේතුවකින් ඇය මිය ගියේද යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි. හික්කඩුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval