
පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් 22 හැවිරිදි බිරියට සිය සැමියා මුගුරකින් පහර දී ඝාතනය කර ඇතැයි අරණායක පොලිසිය පවසයි. ඝාතනයට ලක්ව ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංචි මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි රණසිංහ නමැති 22 හැවිරිදි කාන්තාවකි. පොලිසියට ලැබුණු තොරතුරක් මත සිද්ධිය වූ ස්ථානයට යනවිටත් ඇය ලේ විලක් මැද කුස්සියේ උළුවස්ස මත ඇදවැටී මියගොස් සිට ඇති බව ද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නියමිත බවද පොලිසිය පවසයි. මියගිය කාන්තාවට පහර දීමට යොදාගත් බවට සැක කෙරෙන මුගුරක් ද හමුවී ඇති බව පොලිසිය කියයි. ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval