pearadeniya-baticaloa-dead-bodies

ඊයේ 24 වන දින උදෑසන කාලයේ පේරාදෙණිය පොලිස් වසමේ ගැටඹේ ජල පොම්පාගාරය අසල මහවැලි ගං ඉවුරේ පිරිමි මළ සිරුරක් ඇති බවට 119 පණිවිඩ මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත පේරාදෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
මියගිය අයගේ අනන්‍යතාවය තහවුරු වී නොමැත. මළ සිරුරේ දකුණු පස කොටස සතුන් විසින් කා දමා ඇති අතර,

වයස අවුරුදු 55 ක පමණ පුද්ගලයෙකුගේ සිරුරක් බව පොලිසිය පවසයි. උස අඩි 05 අඟල් 04 පමණ වේ. කොණ්ඩය කොටට කපා ඇත. මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මේ අතර ඊයේ 24 උදෑසන කාලයේ මඩකලපුව පොලිස් වසමේ මුනෙයිපාර මාර්ගයේ අන්තෝනියාර් කෝවිල අසලින්ද පිරිමි මළ සිරුරක් හමුවී ඇත. අනන්‍යතාවය තහවුරු වී නොමැත.
මියගොස් සිටින පුද්ගලයා වයස අවුරුදු 50 – 60 ත් අතර වයසේ පසුවන උස අඩි 05 අගල් 02 ක් වන පුද්ගලයෙකු බව පොලිසිය පවසයි. හිස කෙස් කොටට කපා ඇත. උඩු සහ යටි රැවුල තරමක් වවා ඇත. උඩු කයට සුදු අත් කොට කමිසයක් හා යටි කයට සුදු පසුබිමේ නිල් පැහැති කොටු සහිත සරමක් හැඳ සිටී. මෘත ශරීරය මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මේ අයගේ අනන්‍යතාවය සොයාගැනීමට සහය වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා තිබේ.