two-woman-fight-in-textiles-

හොඳ සාරියක් තෝරාගැනීමෙන් පසු කාන්තාවන් දෙන්නෙකු එයට අයිතිවාසිකම් කියන්නට යාම නිසා වෙළෙඳසලක ඇතිවූ ගැටුමක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණයවේ.
ඉන්දියාවේ බැංගලරුහි මල්ලේෂ්වරම් ප්‍රදේශයේ වාර්ෂික වට්ටම් දීමනාවක් මත ‘සේල්‘ පැවැත්වූ වෙළෙඳ සලක මෙම සිදුවීම සිදුව ඇත.
සාරි කඩයක් තුළදී කාන්තාවන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීම පසුව කාන්තාවන් දෙදෙනෙකු අතර දරුණු ගැටුමක් දක්වා දුරදිග යන අයුරු වීඩියෝවේ දැක්වේ.කාන්තාවන් දෙදෙනා දැඩි ලෙස ගැටුණද එහි පැමිණි පිරිසගේ අවධානය යොමුව තිබුණේ සාරිය මිලදී ගැනීමටයි.
‘මයිසූර් සිල්ක් සාරි වාර්ෂික අලෙවිය  @ මල්ලේශ්වරම්  .. සාරියක් සඳහා ගනුදෙනුකරුවන් දෙදෙනෙක් රණ්ඩු වෙති.‘ යනුවෙන් සටහන් කරමින් මෙම වීඩියෝව උඩුගත කර තිබුණි. වීඩියෝව මේ සමග පළවේ.