The-Presidents-New-Year-celebration-which-was-going-to-be-held-at-Agala-will-be-moved-to-Shangri-La

ගාලු මුවදොර හරිත භූමියේ සංගීත සංදර්ශන සහ දේශපාලන සංගීත සංදර්ශන සහ දේශපාලන රැස්වීම් පැවැත්වීමට අවසර ලබා නොදීම හේතුවෙන් ජනාධිපති කාර්යාලය ලබන විසි දෙවැනිදා පැවැත්වීමට නියමිතව තිබූ වසත් සිරිය අවුරුදු උත්සවය ෂැංග්‍රිලා ග්‍රින්හිදී පැවැත්වීමට ඊයේ (18දා ) තීන්දු කර ඇත.


ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය දාසයවැනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ වසත් සිරිය අවුරුදු උත්සවය කොළඹ ගාලු මුවදොර හරිත භුමියේදී පැවැත්වෙන බවය.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (17දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදි තීන්දු කළේ ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානිවන සංගීත සංදර්ශන දේශපාලන රැස්වීම් හා වෙනත් කටයුතු සඳහා අවසර ලබා නොදීමටයි.

ඒ අනුව ජනාධිපති කාර්යාලය සංවිධානය කරන අවුරුදු උත්සවය පැවැත්වෙන ස්ථානය වෙනස් කිරීමට සිදුව ඇත.

එම අවුරුදු උත්සවය හා තරග පිළිබඳ වැඩි විස්තර ජනපති මාධ්‍ය අංශ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ජනාධිපති කාර්යාලය විසින් ඊයේ නිවේදනය කළේය.