
තමන් විසින් නඩත්තු කළ කිරි ගවයින් සයදෙනකු සොරකම් කළැයි සිත් අවුලට පත් ගොවියකු ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇතැයි අක්මීමන, නරාවල ප්‍රදේශවාසීහු පැවසූහ.
පෙරේදා (15 වැනිදා) මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ අක්මීමන, නරාවල ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.ජී කරුණාදාස නැමති සිව් දරු පියෙකි.
එම පුද්ගලයා සිය දරු සිව් දෙනා සමගින් පවුල නඩත්තු කර ඇත්තේ කිරි එළදෙනුන් සය දෙනාගෙන් ලැබෙන ආදායමෙනි.
නමුත් ගතවූ මාස හයේදී වරින්වර ඔහුගේ ගවයන් සොරාගෙන තිබිණි.
මෙලෙස සොරාගත් ගවයින් සය දෙනාගෙන් දෙදෙනකුම ගැබිනි එළදෙනුන් බවද සඳහන්ය.
මේ සම්බන්ධයෙන් අක්මීමන පොලිසියට පැමිණිලි කළද එකදු ගවයකු හෝ සොයා ගැනීමට හැකිව නැත.
තම පවුලේ ආර්ථික තත්ත්වයද කඩා වැටීම නිසා මෙම පුද්ගලයා ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි පවුලේ සාමාජිකයෝ පැවසූහ.
අක්මීමන ප්‍රදේශයේ ගව සොරකම් පසුගිය මාස කිහිපයේ වැඩිවී ඇතත් එම සොරකම් ගැන පොලිසියෙන් නිසි විමර්ශනයක් සිදුව නැතැයි ගම්වාසීහු චෝදනා කළහ.
එෆ්. අස්ලම්
Comments
Post a Comment
Your comment will be visible after approval