
වවුනියාවේ නිවසක තිබී මව පියා හා ගැහැණු දරු දෙන්නා යන සිව් දෙනෙකුගේ මළ සිරුරු හමු වූ බව පොලිසිය කියයි.
පියා ගෙල වැලලාගෙන මිය ගොස් සිටි බවත් අනෙක් තිදෙනා විෂ වර්ගයක් පානය කර මියයන්නට ඇතැයි සැකකරන බවත් පැවසේ.
වවුනියාව ගුඩ්සෙඩ් ප්‍රදේශයේ වාසය කළ මෙම නිවසේ ගෘහමූලික සිවපාතසුන්දරම් කෞෂිකන් නම්වූ පියාගේ වයස 42 ක්ද මවගේ වයස 36 ක්ද ඔවුනට 09 හැවරිදි 03 හැවිරිදි දියණියන් සිටි බවද ඥාතීන් වාර්තාකර තිබුණි.
මිය ගිය පියා රජයේ ආයතනයක සේවය කරමින් සිටින අතරම ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ විසා ලබාදෙන ව්‍යාපාරයක්ද සිදු කළ බවත් මව මහාරම්භකුලම පාසලක ගුරුවරියක වශයෙන් සේවය කළ බවත් පැවසෙන අතර පසුගිය දිනවල අධික ආර්ථික අපහසුතා මැද ජීවත්වූ බව පැවසේ.
ඔවුන්ගේ ණය ගෙවාගැනීමට කණකර ආභරණ උකස් කළ නමුත් ඒ මුදල් ණය සඳහා ප්‍රමාණවත් නොවූ බව ඥාතීන්ට පවසා ඇත.
පොලිසිය සැක කරන්නේ ණය ගෙවාගැනීමට නොහැකි වීම මත මෙසේ පවුලම සියදිවි හානි කරගෙන ඇති බවකි.
සැමියා අනෙක් අයට වස පොවා පසුව ඔහුද බාල්කයේ එල්ලී මියයන්නට ඇතැයි මූලික විමර්ශන අනුව පෙනී ගොස් ඇත.
වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval