
අද (07) දහවල් 01:30ට පමණ කෑගල්ල - මහනුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, ගණේතැන්න ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවිය. මේ නිසා පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙයි.
තවත් 23 දෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළු කර ඇති බව පොලිසිය කියයි.
මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් හා මීගමුවේ සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී ඇත.
අනතුරෙන් මිය ගිය අය වයස අවුරුදු 59ක මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval