
එහිදී දරුවා සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා තරුණ යුවළ ඇප ලබා දීමෙන් පසු අද දිනයේ දී ම විවාහ කර දීමට කටයුතු කරනු ලබන බවත් ඉන්පසු දරුවා ව භාරයට ගෙන රැකබලා ගැනීමට සූදානම් බවත් අධිකරණයේදී දන්වා සිටියේය.
එබැවින් දරුවා දෙමව්පියන්ට බාරදෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගෙන් ඉල්ලා සිටියේය.
දරුවා අතැර යන්නට මුල්වූයේ පවුල තුළ ආර්ථිකය හා සංස්කෘතික පීඩනය හේතුවෙන් වීමත් දරුවා භාරගන්නට ඔවුන් පසුව කැමැත්ත දක්වා තිබීමත් යන කරුණු සැලකිල්ලට ගත්
මහේස්ත්‍රාත්වරයා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළේ දරුවා දෙමාපියන්ට බාර දෙන ලෙසයි.
මේ අතර අධිකරණ අවශ්‍යතා මත දරුවාගේ සහ සැකකාර යුවළගේ ඩී එන් ඒ වාර්තා අනුව දරුවාගේ අයිතිය තහවුරු කිරීමක්ද අවශ්‍යවී ඇති අතර මෙම වාර්තා කැඳවීම සඳහා ලබන 21 දා උදේ 9 ට රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් වන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය .
සැකකාර තරුණ යුවල එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval