The-injustice-meted-out-to-Keumen-Chaturangani-when-the-child-of-a-struggling-couple-left-it-in-the-toilet

මීනගයා දුම්රියේ වැසිකිලියක් තුළ අලුත උපන් දරුවෙකු දමාගිය සංසිද්ධිය පසුගියදා හමාර වූ නමුත් එතුලින් දේශපාලන වාසිගන්නට ඇතැමුන් උත්සාහ කර තිබූ අයුරු පසුව පෙන්නුම් කෙරිණි.
කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත කියා සිටියේ අරගලය අසාර්ථක වූ බවත් අරගලයේ කූඩාරම් අස්සේ සිටි අය දරුවන් හදා ටොයිලට් වල දමාගොස් තිබෙන බවත්ය.
මෙම කතාවට පසුබිම්වී ඇත්තේ සමාජ මාධ්‍ය තුළ ඒ දිනවල පැතිරගිය ඡායාරූපයකි. මෙම ඡායාරූපය අරගලය අවස්ථාවේ ගාලු මුවදොර තාවකාලික කූඩාරමක සිටින යුවළක පෙන්නුම් කරන අතර එහි සිටින කාන්තාව බණ්ඩාරවෙලදී හසුවූ බිළිඳාගේ මවට තරමක් සමාන හැඩහුරුකමකින් යුතුය. එම යුවළගෙන් කාන්තාව කුඩාරමේ වාඩිවී සිටින අතර පිරිමියා ඇගේ උකුළ පැත්තට හිස හරවාගෙන හාන්සිවී සිටී. පිරිමියාගේ මුහුණ හඳුනාගන්නට අපහසුය.
මෙම ඡායාරූපය හා අලුත උපන් බිළිදාගේ ඡායාරූපය එකට තබා එක් පෝස්ටුවක ‘අපි හම්බ වුනේ ගෝල්ෆේස් අරගලයේ වේදිකාව හදන කොට.. කෝච්චියේ බිළිඳා දමාගිය යුවළ රටටම පේන්න හඳුනාගනී ‘ ලෙසින්ද තවත් පෝස්ටුවක ‘ආදරයේ අරගලයේ ආදරණීයම තෑග්ග‘ ලෙසින්ද සටහන් වූ අතර ඒවා විවිධ ආකාරයෙන් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය වල හුවමාරු වී තිබුණි.

මේ සම්බන්ධයෙන් තොරතුරු සත්‍යතාව පරීක්ෂා කරද්දී මෙම ඡායාරූපයේ පෙනී සිටින්නේ ඒ කියන තරුණිය හෝ තරුණයා නොවන බව හෙළිදරව් වී තිබේ.
බිළිඳා දුම්රිය වැසිකිළියේ දමායාම හා සම්බන්ධිත පොලිස් පරීක්ෂණ වලදීද මෙම යුවළ අරගලයට සම්බන්ධව සිටි බවට කරනු අනාවරණයවී නැත.
 මෙහි දැක්වෙන්නේ ගාලුමුවදොර අරගලයට සම්බන්ධ චතුරාංගනී නම් කාන්තාවක වන අතර ඇය Factcrescendo Sri Lanka කළ විමසුමකදී ඇය පවසා ඇත්තේ,
 තමාගේ ඡායාරූපයක් අවභාවිත කරමින් අසත්‍ය ප්‍රචාරයක් සිදු කර ඇති බවයි.


තමන් , ‘ගෝඨා ගෝ ගම’ ගාලුමුවදොර පිටියේ අරගල භූමියේ ටී ෂර්ට්, බැනර් මුද්‍රණය කරමින් චිත්‍ර අඳිමින් දායකත්වය සැපයූ බවත් ඇය  කියා තිබේ.
 හුවමාරු වන ඡායාරූපය පසුගිය මැයි 09 වන දා ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය  අවස්ථාවේ තමන් ගේ කූඩාරම ද, අහිමිව වෙනත් අට්ටාලයක නිදා සිටින අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් බව ඇය තියා තිබේ.
 ඡායාරූප ශිල්පී රුවන් ගුණරත්න මහතාගේ ඡායාරූප ඇල්බමයේ පළ වී තිබූ අතර, මෙම ව්‍යාජ සටහන් සඳහා යොදාගෙන තිබෙන්නේ එම ඡායාරූප ඇල්බමයේ සේයාරුවක්  උපුටාගෙනයි.
මෙසේ තමා සිටින ඡායාරූපයක් යොදා ගෙන එම ඡායාරූපයට මේ දිනවල කතාබහට ලක්වෙන බිළිඳාගේ ඡායාරූපයක්ද, එකතු කරමින් අරගලයට මඩ ගැසීමට භාවිත කරන බවත් චතුරංගනී පවසා තිබේ.
 ඡායාරූප ශිල්පී රුවන් ගුණරත්නද මෙම සංසිද්ධිය ගැන අදහස් දක්වා ඇති අතර තම අවසරයකින් තොරව මැයි 13 වැනි දින තමා විසින් ඡායාරූපකරණය කළ චතුරංගනීගේ ඡායාරූපය යොදාගෙන අරගලයට මඩ ගැසීමට ගත් උත්සාහයක් බව ඔහු දන්වා ඇත.
දේශපාලන උවමනාවට විකෘති කළ අදහස් හා අදාළ පැහැදිලි කිරීම පහතින්