
සිනමා නළු සනත් ගුණතිලක සති අන්ත පුවත්පතක් හා පැවති සම්මුඛසාකච්ඡාවකදී මෙසේ පවසා තිබේ.
‘ජීවිතේ සමහර අවස්ථාවන් වලදී මට ලැබිය යුතු දේවල් නොලැබී යනවා. ඒ ජීවිතේ බෙදා හදා ගන්න දේවල් වෙන්නත් පුළුවන්. නමුත් ඒ දේවල් මට හිමි නැහැ කියලා මම හිතනවා. ඒ එක්කම සමහර දේවල් මගෙන් උදුරා ගත් අවස්ථාවන් තියෙනවා. සම්මාන වගේ දේවල්. මට ඒ දේවල් දැනෙනවා. හිත් වේදනාවන් ඇතිවෙනවා. හැබැයි මම කුපිත වෙන්න ගියේ නැහැ. තරුණ කාලයේ යම් යම් ප්‍රකාශ කරලත් තියෙනවා. ඒ වගේම මාව ලේසියෙන් යමකට නම්මාගන්නත් බැහැ. ජීවිතේ මට වැරදුණු තැන් තියෙනවා. මම වැරැදි කරලත් තියෙනවා. ඒවා මම පහුකාලීනව මම හදා ගත්තා.
විරාගය චිත්‍රපටයේ යම් යම් අවස්ථාවන් වලදී 60%ක් විතර මේ චරිතය හිතන විදියට හිතීම සාධාරණයි කියලා මටම හිතුණ අවස්ථාවන් තියෙනවා. මට වඩා හොඳ කෙනෙක් ගාවට සරෝජනීට යන්න තිබ්බ අවස්ථාවන්වලදී මම ඇයට යන්න දුන්නා. අද වෙනකම් ඔබත් දන්නා මාත් දන්නා මගේ යම් යම් සම්බන්ධතා තිබුණත්. ඒ කිසිම කෙනෙක් ගැන මගෙන් කිසි දෙයක් අහගන්න බැහැ. මම හැමදාම කියන්නේ තුන්වෙනි පාර්ශ්වයක් සම්බන්ධ නිසා ඒ දේවල් හෙළි කරන්නේ නැහැ කියන එක. අරවින්දත් එහෙමයි. එයත් කිසි වෙලාවක කියන්න ගියේ නැහැ. මගේ පුද්ගලික ජීවිතේ යම් යම් සිද්ධීන් නිසා අරවින්ද කියන්නේ මේ මමම නේද කියලත් හිතිලා තියෙනවා. ‘

Comments
Post a Comment
Your comment will be visible after approval