
බොලිවුඩයේ සුපිරි නළු නිළි යුවළක් වන සයිෆ් අලි ඛාන් සහ කරීනා කපූර් ඛාන් මාධ්‍ය පැපරාසින් හමුවේ කෝපයට පත්වූ සිදුවීමක් ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.
ඔවුන් තවත් බොලිවුඩ් තාරකාවක වන මලයිකා-අම්රිතා අරෝරාගේ මව වන ජොයිස්ගේ 70 වැනි උපන්දින උත්සවයට ගොස් එන අතර යුවළ පසුපස ඔවුන්ට හිරිහැර වන ලෙස වටකරගත් මාධ්‍ය කරුවන් ඇසූ ප්‍රශ්න වලට සායිෆ් අලී ඛාන් දරුණු වාග් ප්‍රතිචාරයක් දක්වා තිබේ.
අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝවේ, කළු පැහැයෙන් ඇඳ සිටි සයිෆ් සහ කරීනා, බැෂ් සිට ආපසු පැමිණෙන ආකාරය දක්නට ලැබේ. අත් අල්ලාගෙන සිටි යුවළ ඉක්මනින් ගොඩනැගිල්ලට යාමට උත්සාහ කරන ආකාරය දැකගත හැකි විය. කෙසේ වෙතත්, ඡායාරූප ශිල්පීහු ඔවුන්ව ක්ලික් කිරීම දිගටම කරගෙන ගිය අතර ඔවුන්ගේ ගොඩනැගිල්ල වෙත ඔවුන් පසුපස ගියහ.
සාමාන්‍යයෙන් ප්‍රතිචාර නොදක්වන සයිෆ්, පැපරාසීන්ට දෙසට හැරෙමින්,
“යාළුවා හරි දෙයක් කරන්න,ඔච්චර ඕනනං ඉතිං අපව අපේ නිදන කාමරයට යනකංම ලුහුබඳින්න” යනුවෙන් පැවසීය.
එවිට එක් ඡායාරූප ශිල්පියෙක් පැවසුවේ, “සයිෆ් සර්, අපි ඔබට ආදරෙයි”
ඊට සයිෆ් පිළිතුරු දුන්නේ, “අපිත් ඔබට ආදරෙයි” යනුවෙනි.
කෙසේ වෙතත්, මෙම යුවළ කෝපයෙන් සිටියත් සියල්ලෝම සිනහවෙන් සිටි අතර ඔවුහු එතැනින් සමුගත්හ.
කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ කරීනා ලෝහමය සැරසිලි සහිත කළු ඇඳුමකින් සැරසී සිටි අතර සයිෆ් සරල කළු කුර්තාවකින් පෙනී සිටියේය.
අදාළ වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval