ridiyagama-keshara-dies-lion

රිදියගම සෆාරි උද්‍යානයේ සිටි කේෂර නම් පිරිමි සිංහයා නියුමෝනියාව, හදවතේ ආබාධ සහ දිගු කලක් මානසික අවපීඩනයෙන් පෙළීම හේතුවෙන් මිය ගිය බව නිලධාරීහු ඊයේ ප්‍රකාශ කළහ.



කේෂර උපත ලැබුවේ 2017 ඔක්තෝම්බර් මාසයේදීය. උගේ මව් සිංහයා මිය ගියේ කේෂර බිහි කිරීමෙන් පසු තුවාලයක් සිදුවීම නිසා ය. පසුව කම්කරුවන් සහ පශු වෛද්‍ය කණ්ඩායමක රැකවරණය යටතේ කේෂර හැදී වැඩුණි.
කේසර ඉපදෙන විට දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම නිසා සෆාරි උද්‍යානයයේ සේවකයන් කේසරට බෝතල්වලින් කිරිපොවා උස් මහත් කළහ.පසු කාලීනව කේසර නීරෝගී සෞඛ්‍ය තත්වයෙන් පසුවූවේ ය.
පසුගිය සතියේ සිංහයා මිය ගිය අතර මිය යන විට වයස අවුරුදු පහ හමාරක් විය. කේෂරගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී වාර්තා වූයේ උගේ පෙනහළු සහ හෘදයේ යම් යම් ආබාධ හේතුවෙන් මරණයට හේතු වී ඇති බවයි.



කෙසේ වෙතත්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත කියා සිටියේ සිංහයාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා සිංහයාගේ පටක පේරාදෙණිය සත්ව රෝහල වෙත යවා ඇති බවයි.

රිදියගම සෆාරි උද්‍යානයයේ කේසර ද සමග සිංහයන් විසි දෙනකු සිටින අතර ඉන් බහුතරය පැටවුන් ය.